බොලිවියාවේ රට වසා දැමීමේ නීති ලබන 11 සිට ලිහිල්

මැයි 29, 2020

    බොලිවියානු රජය ක්‍රියාත්මක කළ රට වසා දැමීමේ නීති පද්ධතිය ලබන 11 වැනිදා සිට ලිහිල් කිරීමට පියවර ගෙන තිබේ.

    නමුත් ආසාදිතයන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. ඊට හේතුවී ඇත්තේ කොවිඩ් 19 රෝගය තවදුරටත් ව්‍යාප්තවීමයි. රටවසා දැමීම නිසා බොලීවියානුවන්ට තම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සොයා ගැනීමට නොහැකි වී තිබේ. මේ හේතුවෙන් ඔවුන් දැඩි අසීරුතාවකට පත්ව ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. ඇතැම් ස්ථානවල උද්ඝෝෂණ ද ක්‍රියාත්මක කෙරිණ. ඔවුන් කියා සිටියේ, තමන්ට දෛනික අවශ්‍යතා පිරිමසා ගැනීමට ක්‍රමයක් නැති බවයි. එමෙන්ම, දිළිඳු බව ද ඉහළ ගොස් තිබේ. රජය ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළේ, ඊට ප්‍රතිචාර වශයෙන්. කොරෝනා ආසාදිතයන් සොයා ගෙන් ගෙට ගොස් වෛරසය පරීක්‍ෂා කිරිමට එරට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.

    Latest News