ද.කොරියාවේ ඊයේ ආසාදිතයින් 7,850 ක්

දෙසැ 15, 2021

    දකුණු කොරියාවෙන් ඊයේ කොරෝනා ආසාදිතයන් 7,850 දෙනෙකු හඳුනා ගැනිණ.

    වෛරස ව්‍යාප්ති ආරම්භයේ සිට එරටින් හඳුනා ගැනුණු වැඩිම දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව එය ලෙසයි සැළකෙන්නේ.

    මේ නිසා වෛරස ව්‍යාප්ති පාලන සීමා යළි බලාත්මක කිරීමට සැලසුම් කරන බවයි එරට අග්‍රාමාත්‍ය කිම් බූ - කියුම් පැවසුවේ.

    ‍ඒ පිළිබඳ අවසන් තීරණය සිකුරාදා නිවේදනය කරනු ඇති. මේ වන විට එරට පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇති වැඩිහිටි ජනගහනය 94%ක්.

    Last modified on බදාදා, 15 දෙසැම්බර් 2021 11:21

    Latest News