දකුණු සුඩානයේ උප ජනපතිට හා බිරිදටත් කොරෝනා

මැයි 20, 2020

    දකුණු සුඩානයේ උප ජනාධිපති රික් මචාර් සහ ඔහුගේ බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වේ.

    ඒ අනුව ඔවුන් ස්වයං හුදකලාව මේවන විට කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එසේම උප ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇති බව සදහන් වේ.

    මේ වන විට දකුණු සුඩානයේ කොවිඩ් -19 රෝගීන් 236 ක් සහ මරණ 04 ක් වාර්තා වී තිබේ. දශක ගණනාවක යුද ගැටුම් හේතුවෙන් දකුණු සුඩානයට කොරෝනා වෛරස් ආසාදියන් වැඩිවීම සමඟ කටයුතු කිරීමට නොහැකි වී ඇතැයි විශේෂඥයෝ කනස්සල්ල පළ කර සිටිති.

    අප්‍රිකානු කලාපයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තාවන්නේ දකුණු අප්‍රිකාවෙනි.

    Last modified on බදාදා, 20 මැයි 2020 09:37

    Latest News