කොරෝනා නිසා බලපෑම් එල්ල වූ යුරෝපා රටවල් සඳහාඅර්ථික උදව්

මැයි 19, 2020

    කොරෝනා වෛරසයෙන් බලපෑම් එල්ල වූ යුරෝපා රටවල් සඳහා අවශ්‍ය ආර්ථික සහයෝගය ලබාදීමට ප්‍රංශය හා ජර්මනිය සූදානම් වේ.

    ඒ සඳහා රටවල් දෙක අතර සහයෝගීතා අරමුදලක් ලෙස අමෙරිකානු ඩොලර් බිලියන 545ක් වෙන්කර තිබේ. ප්‍රංශයේ ජනාධිපති, එම්මානුවෙන් මැක්‍රෝන් සහ ජර්මනියේ චාන්සලර්වරිය වන ඇන්ජෙලා මාර්කල් අතර පැවති සාකච්ජාවලදී මේ තීරණය ගෙන තිබේ. අන්තර්ජාල තාක්‍ෂණය ඔස්සේ කළ සාකච්ජා අවසානයේ දී ඔවුන් එකඟ වූයේ ලබාදෙන අරමුදල් යුරෝපා රටවල් අතර ප්‍රතිපාදන ලෙස පිරිනැමිය යුතු බවයි. යුරෝපා රටවල් අතර බැඳීම් වර්ධනය කරගැනීම සඳහා මෙය යහපත් ආරම්භයක් වන බව ද ප්‍රංශ ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

    Latest News