ඉතාලිය සීමා ලිහිල් කිරීමට පියවර ගනී

අප්‍රේ 27, 2020

    කොරෝනා වෛරසය හේතුවෙන් සති 7 ක් පුරා ඉතාලියේ පනවා තිබූ අගුලු දැමීමේ සීමා ලබන මාසයේ සිට ලිහිල් කිරීමට සැලසුම් කර ඇත.

    මැයි 4 වැනිදා සිට අදාළ සීමා කිරීම් අර්ධ ලෙස ලිහිල් කරන බව එරට අග්‍රාමාත්‍ය ගිසෙප්පේ කොන්තේ මහතා පවසයි.

    ජනතාවට සිය නෑයන් හා මිතුරන් හමුවීමට අවසර හිමිවන නමුත් පාසල් විවෘත කිරීම ලබන සැප්තැම්බර් දක්වා කල් දමා ඇත.

    ගත වූ පැය 24 තුළ ඉතාලියේ COVID -19 මරණ 260 ක් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව ඉකුත් 14 වැනිදායින් පසුව එරට දිනකදී වාර්තා වූ අඩුම මරණ සංඛ්‍යාව වේ.

    ඉතාලියෙන් මේ වනවිට වාර්තා වන සමස්ත COVID -19 මරණ සංඛ්‍යාව 26,644 ක් වන අතර ආසාදිතයින් සංඛ්‍යාව 197,675 කි.

    Latest News