නව අගමැතිට විදෙස් රටවලින් සුබ පැතුම්

දෙසැ 16, 2018

    නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වූ රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත ලොව නන් දෙසින් සුබ පැතුම් ගලා එයි. ඉන්දීය විදේශ අමාත්‍යාංශය අද නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, දෙරට අතර මිත්‍රත්වය ඉදිරියේ දී තවදුරටත් වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන බවයි.

    ඉන්දීය විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක රවීෂ් කුමාර් ශ්‍රී ලංකාවේ මතුවී ඇති දේශපාලන තත්වය සම්බන්ධයෙන් අද විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එමගින්, දැක්වෙන්නේ සැබෑ මිත්‍ර රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවේ ගොඩනැගී ඇති නව දේශපාලන සංහිඳියාව පිළිබඳව ඉන්දියාව සතුටු වන බවයි.

    බීබීසී, රොයිටර්ස්,අල්ජසීරා ඇතුළු ලොව ප්‍රධාන මාධ්‍ය ආයතන රැසක් ශ්‍රී ලංකාවේ නව අගමැතිවරයෙකු පත්වීම පිළිබඳ ප්‍රවෘත්තියට අද ප්‍රමුඛ ඉඩකඩක් ලබා දී තිබිණ. එමගින් හුවා දක්වා තිබුණේ, සති කිහිපයක් පැවති මෙරට දේශපාලන අස්ථාවරත්වය එමගින් අවසන් වනු ඇති බවයි. අර්බුදය පැවති කාලය පුරාවට රනිල් වික්‍රමසිංහ මැතිතුමා වඩාත් නිවැරදි දේශපාලන නායකත්වයක් ලබා දීමට සමත්ව ඇතැයි ද විදෙස් වාර්තාවල දැක්වේ.

    Latest News