ප්‍රංශ ජන ගැටළුවලට ජනපතිගෙන් විසඳුම්

දෙසැ 11, 2018

    ප්‍රංශයේ සේවක වැටුප් ඉහළ නැංවීමට ජනාධිපතිවරයා ඊයේ ප්‍රතිඥා දුන්නේය.  ඊට අමතරව, බදු අඩු කිරීමට ද ඔහු පොරොන්දු විය. 

    ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.  ඔහු සඳහන් කළේ ලබන වසරේ සිට සේවකයින්ගේ අවම වැටුප යුරෝ සියයකින් ඉහළ නංවන බවයි.  එසේම, අඩු ආදායම්ලාභී විශ්‍රාමිකයින් සඳහා යොජනා කර තිබූ කපා හැරීමට නියමිතයි. 

    තවද, අතිකාල දීමනා ආදායම්බදුවලින් නිදහස් කිරීම ඇතුළු සහන රැසක් ජනාධිපතිවරයාගේ පොරොන්දු අතරවිය.  සති ගණනාවක් පුරා පැවති උද්ඝෝෂණවලින් අනතුරුව ජනාධිපතිවරයා මෙම සහන ලබා දුන්නේය.  ඉන්ධන මිල ඉහළ දැමීමට රජය ගත් තීරණයත් සමඟ මෙම විරෝධතා ආරම්භ කෙරිණ.

    Latest News