තුර්කි අමෙරිකානු ජනාධිපතිවරුන් අතර සාකච්ඡා

ජන 03, 2020

    තුර්කි ජනාධිපති රෙසීප් තායිප් එර්ඩෝගන් මහතා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සමග ඊයේ (2) ලිබියාවේ හා සිරියාවේ තත්වය වැනි කරුණු පිළිබඳව දුරකථනයෙන් සාකච්ඡා කළේය.

    තුර්කි ජනාධිපති මන්දිරය එදිනම ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ කලාපීය ගැටලු විසඳීමේදී රාජ්‍ය තාන්ත්‍රිකත්වයට හිමි වැදගත්කම නායකයින් දෙදෙනා අවධාරණය කළ අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමට එකඟ වී ඇති බවයි.

    එදිනම ධවල මන්දිරය විසින් නිකුත් කරන ලද ප්‍රකාශයකට අනුව, ජනාධිපතිවරුන් දෙදෙනා ඇමරිකාව හා තුර්කිය අතර සම්බන්ධතාවය සහ කලාපීය කරුණු සාකච්ඡා කොට ඇත.

    විදේශීය මැදිහත්වීම් නිසා, ලිබියාවේ තත්වය අවුල් වෙමින් පවතින බව ට්‍රම්ප් පෙන්වා දුන්නේය.

    සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සඳහා සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ සිදු වූ ගැටුම් ලිහිල් කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් ද දෙරටේ නායකයෝ එකඟතාවකට එළඹුණහ.

    Latest News