20-20 තරගයේදී පන්දු 7ට හයේ 7ක්

සැප් 15, 2019

    සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති 20-20 ක්‍රිකට් තරගයේදී පිට-පිට පන්දු 7කදී හයේ පහර 7ක් එල්ල කිරීමට ඇෆ්ගනිස්තාන පිතිකරුවන් සමත්ව තිබේ.

    තරගය ඊයේ පැවැත්වුණේ බංග්ලාදේශයේ මීර්පූර්හිදී. ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ කණ්ඩායම් සහභාගි වන තුන්කොන් 20--20 ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන්නේ බංග්ලාදේශයේ දී. ඇෆ්ගනිස්තානය හා බංග්ලාදේශය අතර තරගය ඊයේ පැවැත්විණ. පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 197ක් රැස් කළේය. නජිබුල්ලා සාඩ්‍රන් ලකුණු 69යි. මෙහිදී නජිබුල්ලා සාඩ්‍රන් සහ මොහොමඩ් නබී ප්‍රතිවාදී පන්දු යවන්නන්ගේ පන්දු 7කට අඛණ්ඩව හයේ පහර 7ක් එල්ල කිරීම විශේෂත්වයක්.

    ඔවුන් දෙදෙනා පන්දුවාර 6යි පන්දු 4කට පමණක් මුහුණ දෙමින් ලකුණු 100 සීමාව පසුකළ අතර, 20-20 ක්‍රිකට් තරගයක පිතිකරුවන් දෙදෙනෙකු පස්වැනි කඩුල්ල සඳහා වාර්තා කළ වේගවත්ම ලකුණු සියය ද මෙයයි. ඇෆ්ගනිස්තානය තම ඉනිමේදී හයේ පහර 15ක් එල්ල කළ අතර, එය මෙම ක්‍රීඩාංගණයේ දී 20-20 තරගයක කණ්ඩායමක් එල්ල කළ වැඩිම හයේ පහර සංඛ්‍යාවද වේ. පිළිතුරු ලෙස සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කිරීමට හැකිවුණේ ලකුණු 169ක් පමණි. ඒ අනුව, ඇෆ්ගනිස්තාන කණ්ඩායම තරගය ජයගත්තේ ලකුණු 28කින්. ඇෆ්ගනිස්තානය අඛණ්ඩව ජයගත් 11 වැනි 20-20 තරගය මෙයයි. මේ අතර, සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ඔවුන් ජයගත් 8 වැනි තරගය ලෙස ද මෙය වාර්තාවේ.

    Latest News