කඹ ඇදීමේ තරගාවලිය (වීඩියෝ)

සැප් 16, 2019

    ආසියානු ගෘහස්ත කඹ ඇදීමේ තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්වූවාය.

    මෙරට ක්‍රීඩා ඉතිහාසයේ කඹ ඇදීමේ තරගාවලියකින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ ඉහළම ස්ථානය මෙයයි. තරගාවලිය පැවැත්වුණේ, තායිලන්තයේදී. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තෙවැනි ස්ථානය සඳහා පැවති තරගයේදී ලාඕසය සමඟ තරග වැදුණි. ඉන් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේය. ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ආසියාවේ පස්වැනි ස්ථානය දිනා ගනිමින් තරගාවලිය අවසන් කළේය. මීට සමගාමීව පැවති දකුණු ආසියානු ගෘහස්ත කඹ ඇදීමේතරගාවලියේ දී ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් පළමු ස්ථානය දිනා ගැනීමට සමත්වූහ.

    Last modified on සදුදා, 16 සැප්තැම්බර් 2019 20:50

    Latest News