බංග්ලාදේශ කණ්ඩායමට ICCයෙන් දඩ

ජූලි 29, 2019

    බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් දඩයක් පනවා ඇති බව වාර්තාවේ.

    ඔවුන් ශ‍්‍රී ලංකාව සමග කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේ පැවැති පළමු එක්දින කි‍්‍රකට් තරගයේදී නියමිත කාලයට පන්දු වාර 50 කි‍්‍රයාත්මක නොකිරීම ඊට හේතුවයි.

    ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායක පිරිස් සඳහා වන අයිසීසී චර්යාධර්ම සංග්‍රහයේ 2.22 වන වගන්තියට අනුව, නියමිත කාලය තුළ පන්දු යැවීමට අපොහොසත් වුවහොත් ක්‍රීඩකයින්ට ඔවුන්ගේ තරඟ ගාස්තුවෙන් දඩයක් නියම කරන අතර නායකයාට එම මුදල මෙන් දෙගුණයක දඩයක් නියම කෙරේ.

    ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමේ නායක තමීම් ඉක්බාල්ට තරග ගාස්තුවෙන් සියයට 40 ක දඩයක් නියම කිරීමටයි ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය තීරණය කර ඇත. එමෙන්ම සෙසු කී‍්‍රඩකයින්ට තරග ගාස්තුවෙන් සියයට 20 ක දඩ මුදලක් නියම කර තිබේ.

    Latest News