කැරබියන් ප්‍රිමියර් ලීග් වැඩිම මිල ගණන් අතරට මාලිංග හා ඉසුරුත්

මැයි 23, 2019

    කැරබියන් ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ වැඩිම මිලක් හිමි වූ ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග සහ ඉසුරු උදාන ද ඇතුලත්ව සිටියි.


    විදෙස් මාධය වාර්තා කර ඇත්තේ ක්‍රීඩකයින් වෙන්දේසියේ දී, මාලිංග සහ ඉසුරු උදාන වෙනුවෙන් අමෙරිකානු ඩොලර් එක්ලක්‍ෂ හැට දහසක මුදලක් නියම වී ඇති බවය.

    ක්‍රීඩකයින් වෙන්දේසිය ඊයේ(22) ලන්ඩන් නුවර දී පැවැත්වුණි.

    ලසිත් මාලිංග - ශාන්ත ලුසියා ස්ටාර්ස් කණ්ඩායමටද, ඉසුරු උදාන ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිල් පෙඩ්‍රියෝ කණ්ඩායමට ද තෝරාගෙන තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 23 මැයි 2019 16:50

    Latest News