ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකාවේ පළමු පෙර පුහුණු තරගය අදයි

මැයි 24, 2019

    ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පෙර පුහුණු තරග අද (24) සිට ආරම්භවේ.

    අද දිනයේ තරග 02ක් පැවැත්වෙන අතර ශ‍්‍රී ලංකාව ද ඉන් එක් තරගයකට සහභාගීවීමට නියමිතයි.ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙහිදී තරග වදින්නේ දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට එරෙහිවයි.

    එම පෙර පුහුණු තරගය මෙරට වේලාවෙන් පස්වරු 03 ට කාඩිෆ්හිදී ආරම්භවීමට නියමිතව තිබේ. අනෙක් පෙර පුහුණු තරගය බි‍්‍රස්ටල්හිදී අද පැවැත්වෙන්නේ ඇෆ්ගනිස්තානය සහ පකිස්තානය අතරයි. ලෝක කුසලාන තරගාවලියට පෙර එක් කණ්ඩායමක් පෙර පුහුණු තරග 02කට සහභාගී වනවා.

    ශ‍්‍රී ලංකාව සහභාගී වන දෙවන පෙර පුහුණු තරගය ලබන ඉරිදා පැවැත්වෙන්නේ ඔස්ටේ‍්‍රලියාවට එරෙහිවයි.

    අද තරඟය ජාතික රූපවාහිනී අයි නාලිකාව ඔස්සේ පස්නැවරු 3.00 සිට නැරඹිය හැකියි.

    Last modified on සිකුරාදා, 24 මැයි 2019 11:07

    Latest News