ඉයොන් මෝගන්ට තරඟ තහනමක්

මැයි 16, 2019

    එංගලන්තය සහ පාකිස්තානය බ්‍රිස්ටල්හිදී පැවැති තෙවැනි එක්දින තරගයේදී නියමිත කාලයට පන්දුවාර 50 යැවීමට නොහැකිවීම හේතුවෙන් එංගලන්ත නායක ඉයොන් මෝගන්ට තරගයක තහනමක් සහ තරග ගාස්තුවෙන් 40%ක දඩමුදලක් අයකර ගැනීමට තිරණය කර තිබේ.

    මෙම දඬුවම පිරිනමා ඇත්තේ තරග තීරක රිචී රිචඞ්සන් විසින්. ඒ අනුව පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන සිවුවැනි එක්දින තරගය ඉයොන් මෝගන්ට අහිමි වනු ඇත.

    තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමට එංගලන්තය මේ වනවිට සමත්ව ඇත.

    පාකිස්තානය නියමිත ඕවර 50 තුලදී ලකුණු 358 ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස එංගලන්තය පන්දු 31 ක් ඉතිරිව තිබියදී කඩුලු 6 කින් තරගය ජයගැනීමට සමත්විය. අමතර කාලයක්ද ප්‍රධානය කිරීම අනතුරුවද ඕවර 2 ක් අඩුවෙන් යවා තිබීම හේතුවෙන් අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ දණ්ඩ නිතී සංග්‍රහයේ 2.22.1 වගන්තියට අනුව මෙම දඩුවම සහ දඩ මුදල් අයකර ගැනීමට තරග තීරක රිචී රිචඞ්සන් මහතා තීරණය කළේය.

     

     

     

     

     

     

     

     

    Latest News