ප්‍රිමියර් ලීග් ක්‍රිකට්-අවසන් වටයේ තෙවැනි තරගයට දිල්ලි කැපිටල්ස්

මැයි 09, 2019

    ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තෙවැනි තරගයට සුදුසුකම් ලැබීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත්වූහ.

    ඒ දිල්ලි කණ්ඩායම, සන්රයිසන් හයිද්‍රාබාද් කණ්ඩායම පරදවා, කඩුලු දෙකක ජයක් ලබාගැනීමත් සමඟයි. පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසන් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 162ක් ලබාගත්හ. මාර්ටින් ගප්ටිල් ලකුණු 36ක් සහ මනිෂ් පාන්ඩේ ලකුණු 30ක් රැස් කිරීමට සමත්වූහ. පන්දු යැවීමේදී කීමො පෝල් කඩුලු 3ක් හා ඉෂාත් ශර්මා කඩුලු 2ක් දවාගත්හ. දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 163ක ඉලක්කයක් හිමිවිය.

    ඔවුන් පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 2ක් අතැතිව ජයග්‍රහණය වාර්තා කළේය. එහිදී ප්‍රත්වි ෂෝ ලකුණු 56ක් හා රිශාබ් පාන්ටි ලකුණු 46ක් ලබාගත්හ. පන්දු යැවීමේදී බුවනෙෂ්වර් කුමාර්, කාලීල් අහමඩ්, රෂිඩ් ඛාන් කඩුලු 2 බැගින් බිඳ හෙලීය. ඒ අනුව දිල්ලි කැපිටල්ස් කණ්ඩායම තෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමඟ තරග වැදීමට නියමිතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 09 මැයි 2019 18:42

    Latest News