ඊයේ රෑ මුම්බායි කැළඹූ මාලිංග පල්ලේකැලේ දී වැඩ පෙන්වයි

අප්‍රේ 04, 2019

    ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පැය 12ක් තුළ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ තරඟ දෙකකට සහභාගී වෙමින් කඩුලු 10ක් දවා ගැනීමට සමත් වෙයි.

     ඊයේ(03) රාත්‍රියේ මුම්බායි ඉන්දියන් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිග්ස් අතර වංකඩේ ක්‍රිඩාංගනයේ පැවැති තරගයේ දී මාලිංග, ලකුණු 34කට කඩුලු 03ක් දවා ගනිමින් මුම්බායි ඉන්දියන් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යනු ලැබිණි.

    තරගය අවසන් වීමෙන් පසු ඊයේ රාත්‍රියේම ඔහු දිවයිනට පැමිණ ඔහු නායකත්වය ලබා දෙන ගාලු කණ්ඩායමට එක් විය. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් පළාත් එක්දින තරගාවලියේ අද(04) පැවති ගාල්ල සහ මහනුවර පළාත් අතර තරගයට සහභාගී විය.

    එහිදී ලකුණු 156ක ජයක් සනිටුහන් කිරීමට ගාල්ල කණ්ඩායම සමත් විය. ගාල්ල කණ්ඩායම වෙනුවෙන් ලසිත් මාලිංග කඩුලු 07ක් දවා ගැනීම එහිදී විශේෂත්වයක් විය.

    කාසියේ වාසිය දිනු මහනුවර කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළ අතර ඒ අනුව ලකුණු රැස් කිරීමට පිටියට පිවිසි ගාල්ල කණ්ඩායම සිය පන්දු ඕවර 50 තුලදී සියළු ක්‍රීඩකයින් දැවී ලකුණු 255ක් ලබා ගත්තේය.

    ගාල්ල කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු සඳුන් වීරක්කොඩි ලකුණු 56ක් ද, කුසල් මෙන්ඩිස් ලකුණු 65ක් රැස් කර ගනිමට සමත් විය. මහනුවර කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරතවූ කසුන් රාජිත සහ ජෙෆ්රි වැන්ඩර්සේ කඩුළු 03 බැගින් දවා ගන්නා ලදී.

    ලකුණු 256ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය මහනුවර කණ්ඩායම, ලසිත් මාලිංගගේ පන්දු යැවීම හමුවේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවුයේ ලකුණු 99ක් පමණි. ලසිත් මාලිංග විසින් මෙහිදී මහනුවර කණ්ඩායමේ පිතිකරුවන් 07 දෙනෙක් ලකුණු 49කට දවා ගනු ලැබීය.

    මහනුවර කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වුයේ නායක දිමුත් කරුණාරත්නය. ඔහු නොදැවී ලකුණු 35ක් රැස් කරන ලදි.

    malinga px 900 19 04 04

    Last modified on බ්‍රහස්පතින්දා, 04 අප්‍රේල් 2019 21:37

    Latest News