මව්බිමට තවත් පදක්කම් දෙකක්

අගෝ 10, 2023

    යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 400 කඩුලු මතින් දිවීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට අයෝමාල් අකලංක සමත්වුණා.

    ඒ තත්පර 51.61ක දක්ෂතාවක් දක්වමින්. මෙය ඔහු මෙම ඉසව්ව සදහා තම ක්‍රීඩා දිවියේ දැක්වූ හොඳම දෙවැනි දක්ෂතාවයයි.

    මේ අතර පිරිමි උස පැනීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට නිලුපුල් පැහැසර සමත්වුණා.

    ඒ මීටර් 2.00ක දක්ෂතාවක් දක්වමින්. එම ඉසව්ව නියෝජනය කළ ලෙසඳු අර්ථවිදු මීටර් 1.95ක දක්ෂතාවක් දක්වමින් සිව්වන ස්ථානය හිමිකරගැනීමට සමත්වුණා.

    තරගාවලිය ට්‍රිවැන්ඩ්‍ ඇන්ඩ් ටොබෑගෝහිදී පැවැත්වෙනවා.

    Last modified on බ්‍රහස්පතින්දා, 10 අගෝස්තු 2023 09:02

    Latest News