සුන්වූ බලාපොරොත්තු

නොවැ 06, 2022

    විස්සයි - විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයකින් දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කිරීමට නෙදර්ලන්තය සමත් විය.

    ඒ අනූව අද (06) ඇඩ්ලේඩ් ක්‍රීඩාංගණයේ පැවති තරඟය ලකුණු 13කින් ජය ගැනීමට නෙදර්ලන්තය සමත් විය.

    ඒ සමගම ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව දකුණු අප්‍රිකාවට අහිමිවෙයි.

    තරගයේ පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 158ක් ලබා ගත්තේය. දකුණු අප්‍රිකානු කණ්ඩායමට රැස් කිරීමට හැකිවුණේ කඩුලු 8ක් දැවී ලකුණු 145ක් පමණි.

    Latest News