අවසන් මොහොතේ ඇඩම් සම්පාට තරගය අහිමිවෙයි

ඔක් 25, 2022

    ‍ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු  යවන ක්‍රීඩක ඇඩම් සම්පාට  අද ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරගය අහිමිව යනවා. ඒ , ‍ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන්.

    ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ  මාධ්‍ය ප්‍රකාශක තහවුරු කළේ ඇඩම් සම්පාට කොවිඩ් වෛරසය ආසාදනය  වී ඇති බවයි.

    කෙසේ වෙතත් ඔහුට බරපතල සංකූලතා නොපෙන්වන බවයි. ඇඩම් සම්පා වෙනුවට අද තරග‍යේ දී ඇෂ්ටන් ඇගර් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කරනු ඇතැයි වාර්තා වනවා. ‍

    ලෝක කුසලාන 20 යි 20 ක්‍රිකට් තරගාවලි‍යේ කොවිඩ් වෛරසය ආසාදනය වූ දෙවැනි ක්‍රීඩකයා වන්නේ, ඇඩම් සම්පා. මීට පෙර අයර්ලන්ත කණ්ඩායමේ ජෝර්ජ් ඩොක්ක්‍රෝල්ට ද, කොවිඩ් ආසාදනය  වුණා.

    ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා 20 යි 20 තරගය අද පස්වරු 4.30 ට ආරම්භ වීමට නියමිතයි. තරගය පැවැත්වෙන්නේ පර්ත්හි දී.

    Latest News