ඇෆ්ගනිස්ථානය පරදා එංගලන්තය ඡය ගනී

ඔක් 22, 2022

    ලෝක කුසලාන පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ සිය මුල්ම ඡය වාර් තා කිරීමට එංගලන්ත කණඩායම අද (22) සමත් වුනා.

    ඒ ඇෆ්ගනිස්ථානයට එරෙහිව කඩුලු 5ක ඡයක් වාර්තා කරමින්. පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය ලකුණු 112ක් රැස් කළා. සුපිරි පන්දුයැවීමක නිරත වූ සෑම් කුරන් ඇෆ්ගන් කඩුලු 5ක් දවා ගත්තා. පන්දු 32 කදී ලකුණු 32ක් ලබා ගත් ඉබ්‍රහිම් සද්‍රාන් ඇෆ්ගන් ඉනිමේ වැඩිම ලකුණූ ලභියායි.

    පන්දුවාර 18යි පන්දුවක් තුළ කඩුලු 5ක් පමණක් දැවී සිය ඡය තහවුරු කරගත් එංගලන්තය වෙනුවෙන් ලියාම් ලිවිංග්ස්ටන් නොදැවී ලකුණු 29ක් ලබා ගත්තා.

     

    Latest News