සුපිරි 12 කාණ්ඩ‍යේ පළමු තරගයේ ජය නවසීලන්තයට...

ඔක් 22, 2022

    ලෝක කුසලාන 20-20 තරගාවලියේ  සුපිරි 12 කාණ්ඩ‍යේ පළමු තරගයෙන් ජය වාර්තා කිරීමට නවසීලන්තය සමත් වුණා.

    ඒ, ඔස්ට්‍රේලියාව ලකුණු 89කින් පරාජය කරමින්.  තරගය පැවැත්වුණේ, සිඩ්නිහීදි. කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහරදීමට නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කළා. ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 200ක්.

    ආරම්භක පිතිකරු ෆින් ඇලන් පන්දු 16කදී ලකුණු 42ක් රැස්කළා. ඔහුගේ ඉණිමට හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් ඇතුළත්. නායක කේන් විලියම්සන් ලකුණු 23යි. ජේම්ස් නීසම් පන්දු 13කදී නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 26ක්. විශිෂ්ට ඉණිමක් ක්‍රීඩා කළ ඩෙවෝන් කොන්වේ පන්දු 58කදි නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 92ක්. ඔහුගේ ඉණිමට හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් ඇතුළත්‍. ජෝෂ් හස්ලවුඩ් කඩුලු දෙකයි.

    තරගය ජය ගැනීමට ලකුණු 201 ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියාවට පන්දුවාර 17යි, පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවුණේ ලකුණු 111ක් පමණයි. ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 28ක් ලබාගත් අතර පැට් කමින්ස් ලකුණු 21යි. පන්දු යැවීමේදී ටිම් සවුති සහ මිචෙල් සැන්ටර් කඩුලු 3 බැගින් දවා ගත්තා. නවසීලන්තය ඔස්ට්‍රේලියාවේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව තරගයක් ජයගත්තේ 2011 වසරින් පසුවයි.

    Last modified on සෙනසුරාදා, 22 ඔක්තෝබර් 2022 19:35

    Latest News