ශ්‍රී ලංකාව සුපිරි කණ්ඩායම් 12 ට....

ඔක් 20, 2022

    ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 ට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

    ඒ, අද නෙදර්ලන්තය සමග පැවති තරගය ලකුණු 16 කින් ජය ගනිමින්. තරගය පැවැත්වුණේ ජීලොන්හිදී. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩුලු 6 ක් දැවී ලකුණු 162 ක් රැස් කළා. දක්ෂ පිතිහරඹයක නිරතවූ කුසල් මෙන්ඩිස් පන්දු 44 කදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 79 ක්. ඔහුගේ ඉනිමට හතරේ පහර 5 ක් සහ හයේ පහර 5 ක් ඇතුළත්. පිළිතුරු ඉනිම ආරම්භ කළ, නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 20 තුළ ලබාගත හැකි වූයේ, ලකුණු 146 ක් පමණයි. පන්දු යැවීමේදී වනිදු හසරංග කඩුලු 3 ක් සහ මහීෂ් තීක්ෂණ කඩුලු 2 ක් දවා ගත්තා.

    Latest News