අයර්ලන්තය හා සිම්බාබ්වේ සුපිරි 12ට

ඔක් 21, 2022

    2022 ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරග 2ක් අද (21) පැවැත්වුනා.

    එහිදී බටහිර ඉන්දීය කොදෙව් පිළ පරදා අයර්ලන්තයත් ස්කොට්ලන්තය පරදා සිම්බාබ්වේ කණ්ඩායමත් සුපිරි කණ්ඩායම් 12 අතරට එක් වුනා.

    ස්කොට්ලන්තය හා සිම්බාබ්වේ අතර තරගයේ කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්තය කඩුලු 6ක් දැවී ලකුණු 132 ක් ලබාගත්තා. පිළිතුරු ලෙස සිම්බාබ්වේ ක්‍රීඩකයින් කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 133ක් ලබාගත්තේ තරගය නිම වීමට පන්දු 9ක් ඉතිරිව තිබියදී යි. සුපිරි ඉනිමක් දියත් කල සිකන්දර් රාසා හයේ පහර 2ක් සහ හතරේ පහර 3ක් සමග ලකුණු 40ක් ලබා ගත්තේ පන්දු 23කට මුහුණ දෙමින්. තරගයේ වීරයා සිකන්දර් රාසා.

    බ.ඉ කොදෙව් සහ අයර්ලන්තය අතර තරගයේ කාසියේ වාසිය දිනු කොදෙව්වන් කඩුලු 5ක් දැවී ලකුණු 146 ලබා ගත්තා. ලකුණු 147ක ඉලක්කය හඹා ගිය අයර්ලන්ත ක්‍රීඩකයින් පන්දුවාර 17යි පන්දු 3ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 150ක් ලබාගනිමින් තරගය ඡයග්‍රහණය කලා. තරගයේ වීරයා පෝල් ස්ටර්ලින්.

    Last modified on සිකුරාදා, 21 ඔක්තෝබර් 2022 18:38

    Latest News