මැරතන්  පිරිමි ඉසව්වේ ලෝක වාර්තාව යළිත් අලුත් වේ...

සැප් 25, 2022

    මැරතන්  පිරිමි ඉසව්වේ ලෝක වාර්තාව යළිත් අලුත් කිරීමට කෙන්යාවේ එලීඩ් කිප්චො‍‍ගේ අද සමත්වුණා.

    ඒ, බර්ලින් මැරතන් තරගයේදී.බර්ලින් මැරතන් තරගය වාර්ෂිකව පැවැත්වෙන්නේ, ජර්මනියේ බර්ලින් නුවරදී. ලොව පුරා විශිෂ්ටතම මැරතන් ධාවකයින් මෙවරත් එක්ව සිටීම විශේෂත්වයක්. කෙන්යාවේ එලීඩ් කිප්චො‍‍ගේ මැරතන් ලෝක වාර්තාව යළිත් අලුත්කළේ, පැය 2කයි, මිනිත්තුවයි, තත්පර 9ක කාලයක් වාර්තා කරමින්. ඔහු මීටවසර 4කට පෙර එම ඉසව්වේ ලෝක වාර්තාව පිහිටුවා තිබුණා. ඒ, පැය දෙකයි මිනිතුත්වයි තත්පර 39ක් ලෙසයි. මෙවර තරගයේ දෙවැනි ස්ථානය කෙන්යාවේ මාර්කි කොරීර් දිනාගත් අතර තෙවැන්නා, ඉතියෝපියාවේ තාබු ඇබට්.

    Latest News