අවසන් මහා සටන ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර

සැප් 08, 2022

    ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සහ පකිස්ථානය සමත් වුණා.

    ඒ, ඊයේ පැවති පකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර තරගයෙන් පකිස්ථානය එක් කඩුල්ලක තියුණු ජයක් ලබා ගනිමින්. තරගය ඊයේ පැවැත්වුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජාහිදී.

    ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 කට ලකුණු 129 ක් රැස් කළා.  ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් ඊබ්‍රාහිම් සඩ්‍රන් ලකුණු 35 යි. 

    හසරතුල්ලා සාසායි ලකුණු 21 යි.  පන්දු යැවීමේදී හාරිස් රවුෆ් කඩුලු 2 ක් දවා ගත්තා.  ලකුණු 130 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පකිස්ථාන පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට ඇෆ්ගන් පන්දු යවන්නන්ට හැකි වුණා.  පසුව ඉෆ්තිකර් අහමඩ් සහ ෂඩාබ්ඛාන් ලකුණු 42 ක සබඳතාවක් ගොඩනැගුවා.  ෂඩාබ්ඛාන් ලකුණු 36 යි. 

    පන්දු යැවීමේදී ෆස්ලක් ෆරූකි සහ ෆරීඩ් අහමඩ් කඩුලු 3 බැගින් බිඳ හෙලුවා.  අවසන් පන්දු වාරයේ පන්දු 4 ක් ඉතිරිව තිබියදී තරගයේ ජය හිමිකර ගැනීමට පකිස්ථානය සමත් වුණා.  ඒ අනුව, ලබන ඉරිදා පැවැත්වෙන ආසියානු කුසලාන අවසන් මහ තරගයට ශ්‍රී ලංකාව සමගින් පකිස්ථානය තරග වදිනවා.

    Last modified on බ්‍රහස්පතින්දා, 08 සැප්තැම්බර් 2022 11:34

    Latest News