ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර තරගය අද...

සැප් 09, 2022

    ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 07.30ට ඩුබායි හිදී පැවැත්වෙනවා.

    මේ වන විටත් මෙම කණ්ඩායම් 02කම තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා තිබෙනවා.  තරගාවලිය යටතේ ‍‍ඊයේ  (09) පැවති තරගයෙන් ඇෆ්ගනිස්තානය පරදා ලකුණු 101 ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් වුණා. තරගය පැවැත්වුණේ, ඩුබායි හිදී.

    පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව පන්දුවාර 20 ඇතුළත කඩුලු 2 ක් දැවී ලකුණු 212 ක් රැස් කළා. විශිෂ්ට පිතිහරඹයක නිරත වූ විරාත් කෝලි පන්දු 61 කදී නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 122 ක්. ඔහුගේ ඉනිමට 4 පහර 12 ක් සහ 6 පහර 6 ක් ඇතුළත්. කේ එල් රාහුල් ලකුණු 62 යි.

    පිළිතුරු ලෙස ඇෆ්ගනිස්තානයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස් කිරීමට හැකි වුණේ, ලකුණු 111 ක් පමණයි. ඊබ්‍රහීම් සාඩ්‍රන් නොදැවී ලකුණු 64 යි. පන්දු යැවීමේදී බුවනේෂ්වර් කුමාර් පන්දු වාර 4 කදී ලකුණු 4 කට කඩුලු 5 ක් දවා ගත්තා.

    Latest News