ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 378 කට සීමා වෙයි

ජූලි 25, 2022

    ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.

    ඒ අනුව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 378 ක් ලබා ගැනීමට සමත් වුණා.

    පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඕෂද ප්‍රනාන්දු ලකුණු 50 ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 3ක්, දිමුත් කරුණාරත්න ලකුණු 40 ක්, ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 42 ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 80 ක්, ධනංජයද සිල්වා ලකුණු 33 ක්, නිරෝෂන් දික්වැල්ල ලකුණු 51 ක් හා රමේෂ් මෙන්ඩිස් ලකුණු 35 ක් ලබා ගත්තා.

    පන්දු යැවීමේදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් Naseem Shah හා Yasir Shah කඩුලු 3 බැඟින් සහ Mohammad Nawaz කඩුලු 2 ක් බිඳහෙළීමට සමත් වුණා.

    Latest News