ශ්‍රී ලංකා-ඔස්ට්‍රේලියා දෙවැනි ටෙස්ට් තරගය හෙට (08)...(වීඩියෝ)

ජූලි 07, 2022
  • ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට ආරම්භ වනවා.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළේ, ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් තිදෙනෙකුට කොවිඩ් 19 ආසාධනය වී ඇති බවයි. ඒ හේතුවෙන් තරගයට සහභාගී වන අවසන් ක්‍රීඩකයින් 11 දෙනා තවමත් ප්‍රකාශ කළ නොහැකි බවයි, කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ප්‍රකාශ කළේ.

    තරගය හෙට ආරම්භ වන්නේ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. තරග‍යට සූදානම් වන දෙපිලේ ක්‍රීඩකයින් ඊයේ පුහුණුවීම් සිදු කළා. දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 10ක ජයක් වාර්තා කළා.

    Latest News