සන්රයිසස් හයිඩ්‍රාබාද් ක‍‍‍‍‍‍‍‍‍‍‍‍ණ්ඩායමට කඩුලු 7ක ජයක්...

අප්‍රේ 16, 2022

    ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කොල්කටා නයිට්රයිඩර්ස් සහ සන්රයිසස් හයිඩ්‍රාබාද් කණ්ඩායම් අතර තරගයෙන් කඩුලු 7ක ජයක් හිමිකර ගැනීමට සන්රයිස් හයිඩ්‍රාබාද් ක‍‍‍‍‍‍‍‍‍‍‍‍ණ්ඩායම සමත් වුණා.

    තරගය ඊයේ පැවැත්වුණේ, ඉන්දියාවේ මුම්බායි හිදී. මුලින්ම පන්දුවට පහරදුන් නයිට්රයිඩරස් කණ්ඩායම, පන්දුවාර 20 ඇතුලත කඩුලු 8ක් දැවී ලකුණු 175ක් රැස් කළා. නිතිෂ් රානා ලකුණු 54යි. ඇන්ඩ්‍රි රසල් නොදැවී ලකුණු 49යි. පන්දු යැවීමේදී නටරාජ් කඩලුු 3ක් සහ උම්රාන් මලික් කඩුලු 2ක් දවා ගත්තා.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් හයිඩ්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 5ක් අවසානයේ තරගයේ ජය හිමිකරගත්තා. විශිෂ්ට පිතිහරඹයක නිරතවූ රාහුල් ත්‍රිපාටි ලකුණු 71ක් ලබාගත් අතර, ඊට 6පහර 6ක් සහ 4පහර 4ක් ඇතුලත්. ඊඩ්න් මාක්‍රම් ලකුණු 68යි. පන්දු යැවීමේදී නයිට්රයිඩර්ස් කණ්ඩායමේ ඇන්ඩ්‍රි රසල් කඩලු 2ක් බිඳ හෙලුවා. තරගයේ වීරයා රාහුල් ත්‍රිපාටි.

    Latest News