බෙයිජිං ශීත ඍතු පැරාලිම්පික් උළෙලට පැසසුම්...

මාර් 15, 2022

    බෙයිජිං ශීත ඍතු පැරාලිම්පික් උළෙල, අනාගත ශීත ඍතු පැරාලිම්පික් තරග සඳහා උසස් ප්‍රමිතියක් සැකසූ බව ජාත්‍යන්තර පැරාලිම්පික් කමිටු සභාපති Andrew Parsons මහතා කියාසිටී.

    පෙර නොවූ විරූ ආකාරයේ විශිෂ්ට පැරාලිම්පික් ක්‍රීඩා උළෙලක් පවත්වමින්, චීනය ක්‍රීඩා ඉතිහාසයේ බලවත් රටක් බවට පත්වීම සම්බන්ධයෙන් ඔහු සුබ ප්‍රාර්ථනා කළේය. 2022 බෙයිජිං ශීත ඍතු පැරාලිම්පික් සමාප්ති උළෙල මාර්තු 13 වැනිදා චීන ජාතික ක්‍රීඩාංගණයේ දී පැවැත්විණ.

    මෙම උළෙලේදී වැඩිම රන් පදක්කම් හා වැඩිම පදක්කම් සංඛ්‍යාව ලබා ගනිමින් විශිෂ්ට ජයග්‍රහණ අත්කර ගැනීමට චීනය සමත් විය. එයින් මනා ව පිළිබිඹු වන්නේ චීනය ආබාධ සහිත පුරවැසියන්ගේ ක්‍රීඩා සංවර්ධනය පමණක් නොව, ඔවුන්ගේ මානව හිමිකම් ආරක්ෂාව සම්බන්ධයෙන් ද අත්කරගෙන ඇති ප්‍රගතිය බව චීන බලධාරීහු පෙන්වාදෙති.

    2016 වසරේ සිට චීනය වසර 6ක් පුරා ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් අයිස් හා හිම ක්‍රීඩා උළෙල සංවිධාන කරයි. ආබාධිත පුරවැසියන් 300,000 පමණ පිරිසක් ඊට එක්වීම විශේෂත්වයකි. එමෙන් ම, ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් විවිධ සමාජයීය පහසුකම් සපයා දීමට චීනය ප්‍රායෝගික වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබේ.


    අරෝෂා සමරදිවාකර
    රූපවාහිනී වාර්තාකරු
    චීනයේ බෙයිජිං නුවර සිට.....

    Latest News