T-20 අවසන් තරගයේදී ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක්....

පෙබ 20, 2022

    ඕස්ට්‍රේලියාව සමඟ පැවති අවසන් 20-20 ක්‍රිකට් තරගය කඩුලු 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.

    තරගාවලිය 4-1ක් ලෙස ජයගත්තේ ඕස්ට්‍රේලියාවයි. අවසන් තරගය පැවැත්වුණේ මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී. ශ්‍රී ලංකාව වෙනුවෙන් අද ජනිත් ලියනගේ සහ කමිල් මිෂාර 20-20 ජාත්‍යන්තර වරම් හිමිකරගත්තා. තරගයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඕස්ට්‍රේලියා ඉනිම ආරම්භ කළේ, නායක ඒරන් ෆින්ඩ් සහ බෙන් මැක්ඩොමට්. ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු ලකුණු 11ක් වනවිට ලකුණු 08ක් ලබා සිටි ෆින්ඩ් දැවී ගියේ දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ. බෙන් මැක්ඩොමට් ලකුණු 03යි. ජෝෂ් ඉන්ග්ලිස් ලකුණු 23ක් රැස් කළා. මැතිව් වේඩ් පන්දු 27කදී ලකුණු 43ක් රැස් කළා. ඕස්ට්‍රේලියාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 154ක් රැස් කළා.

    පන්දු යැවීමේදී ලහිරු කුමාර සහ දුෂ්මන්ත චමීර කඩුලු 2 බැගින් දවාගත්තා. පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස්. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 4 ලකුණු 71කට දැවී ගියා. අනතුරුව කුසල් මෙන්ඩිස් සහ නායක දසුන් ශානක පස්වන කඩුල්ලට ගොඩනැඟූ සබඳතාව ලකුණු 83ක්. කුසල් මෙන්ඩිස් තම 20-20 ක්‍රිකට් දිවියේ 6 වන අර්ධ ශතකය අද වාර්තා කළා. නායක දසුන් ශානක ලකුණු 35කට දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිමේ පස්වන කඩුල්ල ලෙසයි. ශ්‍රී ලංකාව තරගය ජයගත්තේ අවසන් පන්දුවාරයේ පස්වන පන්දුවේදී. කුසල් මෙන්ඩිස් පන්දු 58කදී නොදැවී ලකුණු 69ක් රැස් කළා.
    තරගයේ වීර‍යා කුසල් මෙන්ඩිස්' තරගාවලියේ වීරයා ලෙස ග්ලේන් මැක්ස්වෙල්ස් සම්මානය දිනාගත්තා.

    Last modified on ඉරිදා, 20 පෙබරවාරි 2022 16:59

    Latest News