ක්‍රිකට් පුහුණුකරු රුමේෂ් රත්නායක

ජන 04, 2022

    සිම්බාබ්වේ කණ්ඩායම සමග එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක පත්කර තිබෙනවා.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව අද (04) නිල වශයෙන් දැනුම් දුන්නා. රුමේෂ් රත්නායක මේ වන විට ක්‍රිකට් උසස් තාක්ෂණ මධ්‍යස්ථානයේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරනවා. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ,  රුවීන් පීරිස් සිම්බාබ්වේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස පත්කළ බවයි. ජනවාරි පළමුවැනිදා සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන ලබන මස 9 වැනිදා බටහිර ඉන්දීය කෙදෙව් බලා පිටත්ව යන බවද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් සඳහන් කළා. ඒ, වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කිරීම සඳහායි.

    Latest News