පිටියේ ජය 30කින් ගිලිහුණු ඇයි?

ඔක් 28, 2018
    ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවති 20-20 තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 30කින් පරාජයට පත්විය.
    ශ්‍රී ලංකා පිලේ දුර්වල පන්දු රැකීම හමුවේ එංගලන්ත ක්‍රීඩකයින්ගේ උඩ පන්දු 4ක් හිලිහු අතර ජේසන් රෝයි පන්දු 36කින් ලකුණු 69ක් රැස් කළේය.   
    කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා පළමුවෙන් පන්දුවට පහරදීමට එංගලන්තයට ආරාධනා කළේය.  ඔවුන් සිය පන්දු වාර 20 තුළ දී කඩුලු 8ක් දැවී ලකුණු 187ක් රැස් කළේය.
     
    එංගලන්ත ඉනිම අවසන් වීමෙන් පසු ඉණිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙල පිතිකරුවන් සියලුදෙනාට ලකුණු අතරට පිවිසීමට නොහැකි විය. ඒ අනූව, මෙම තරගයේ දී ද අවාසනාවත්න ජරාජයක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම කැදවාගෙන යාමට මුල් පෙළ පිතිකරුවන්ගේ දුර්වල පිතිකරන රටාව මුල් විය.
     
    පස් වැනි කඩුල්ල ලෙස පිටියට පිවිසි නායක තිරස පෙරේරා පමණක් මෙම තරගයේ දී පිතිකරුවෙක් ලෙස සාර්ථකත්වයට පත්වූයේ පන්දු 31කදී හයේ පහර 6ක් සමග ලකුණු 57ක් රැස් කිරීමෙනි.
     
    මේ අනූව, ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 30කින් පරාජයට පත්වූයේ ශ්‍රී ලංකා ඉණිම ලකුණු 157කට සීමා වීමෙන්.
     
    ජෝ ඩෙන්ලි ලකුණු 19කට කඩුලු 4යි. අදිල් රෂීඩ් ලකුණු 11කට කඩුලු 3ක් බිඳ හෙලුවේය.  
     
    Last modified on ඉරිදා, 28 ඔක්තෝබර් 2018 09:32

    Latest News