පාරමී ගැන ඇමති අකිලගෙන් තීන්දුවක්

ඔක් 26, 2018
    යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළලේ පදක්කම් ලාභි පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවට මාසිකව රුපියල් 25,000 ක් බැගින් පිරිනැමීට අධ්‍යාපන අමාත්‍යංශය තිරණය කර තිබේ. 
    මෙම දිමානව වසර 6 ක් යනතුරු ඇයට පිරිනැමිමට හැකි අන්දමින් කැබිනට් අනුමතියක් ලබා ගැනිමටයි තිරණය වි ඇත්තේ. මෙම දිමනවා ඇයගේ පුහුණුකරුට ද පිරිනැමේ. 
    ආර්ජන්ටිනාවේ පැවැති යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළලේ මිටර් 2000 බාධක දිවීමේ ඉසව්වේ තුන්වැනි ස්ථානය හිමි කරගත් පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් අද (26)  තිළිණ ප්‍රදානයක් සිදුකෙරිණ. මේ අනුව අ.පො.ස. (සා.පෙළ) විභාගයෙන් පසුව ඇයට මලල ක්‍රීඩා පිළිබඳව කෙන්යාවේ මාස 03 ක පුහුණුවක් හමිවේ. අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඇයට ලැප්ටොප් පරිගණකයක් ද  පිරිනැමීය. 
    දුෂ්කරතා මධ්‍යයේ මෙවැනි දක්ෂතා දැක්විය හැකි සිසු දරුවන් සිටීම මුඵ රටටම ආඩම්බරයක් බව අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.
    ඔලිම්පික් ශූරි සුසන්තිකා ජයසිංහ 2007 වසරේ දී ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී ලබා ගත් ලෝකඩ පදක්කමින් පසු ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයෙකු ලෝක පදක්කමක් ලැබු ප්‍රථම අවස්ථාව මෙයයි. යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලකදී මලල ක්‍රීඩා අංශයෙන් ශ්‍රී ලාංකිකයෙකු පදක්කමක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව මෙයවේ.
    parami01 px 600 18 10 26
     
     
     
    Last modified on සිකුරාදා, 26 ඔක්තෝබර් 2018 16:16

    Latest News