මහේල, ක්‍රිකට් උපදේශක පුහුණුකරු....

දෙසැ 13, 2021

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස හිටපු නායක මහේල ජයවර්ධන පත්කර තිබෙනවා.

    ඔහුගේ පත්වීම ලබන ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මකයි. මහේල ජයවර්ධන වසරක කාලයක් උපදේශක පුහුණුකරු ලෙස කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළා. ජාතික කණ්ඩායම හැරුණු කොට ඊට අයත් අනෙකුත් සියලුම ක්‍රිකට් කණ්ඩායම්වල ද උපදේශකත්වය ඉදිරි වසර සඳහා මහේල ජයවර්ධනට හිමිවනු ඇති.

    Latest News