චින්තන ගීතාල්ට බර ඉසිලීමේ ලෝකඩ පදක්කම....

දෙසැ 13, 2021

    පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලියේ දී ලෝකඩ පදක්කමක් හිමිකර ගැනීමට චින්තන ගීතාල් විදානගේ සමත්වුණා.

    තරගාවලිය පැවැත්වෙන්නේ උස්බෙකිස්තානයේදී. චින්තන ගීතාල් විදානගේ සහභාගි වුයේ කිලෝ ග්‍රෑම් 81 බර පන්තිය සඳහායි. ඔහු ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 134ක බරක් එසවූ අතර, ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට එසවූ බර කිලෝග්‍රෑම් 166ක්. ඔහු එසවූ සමස්ත බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 300ක්.

    ඒ අනුව චින්තන ගීතාල් එම බර පන්තියේ ලෝකඩ පදක්කම හිමිකර ගත්තා. ශ්‍රී ලංකාව මෙම තරගාවලියෙන් මේ වනවිට රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 5ක් හිමිකර ගෙන සිටිනවා.

    Latest News