අවු. 19 න් පහළ දෙවැනි ක්‍රිකට් තරගයේ ජය ශ්‍රී ලංකාවට...

දෙසැ 04, 2021

    එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමග පැවති දෙවැනි එක්දින තරගයේ ජය ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම හිමිකරගත්තා.

    තරගය ඊයේ පැවැත්වුණේ, කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගනයේදී. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම, පන්දුවාර 50 අවසානයේ කඩළු 4 ක් දැවී ලකුණු 251 ක් රැස් කළා. පවන් පතිරාජ ලකුණු 113 යි. රනුද සෝමරත්න නොදැවී ලකුණු 58 ක් රැස්කළා.

    පිළිතුරු ලෙස, එංගලන්ත කණ්ඩායම පන්දුවාර 31 යි පන්දු 4 කදී සියලු ක්‍රීඩකයින් දැවී රැස්කළේ, ලකුණු 103 ක් පමණයි. ජේසන් රේච් ලකුණු 50 යි. පන්දු යැවීමේදී වනුජ සහන් ලකුණු 21 කට කඩුලු 5 ක් දවාගත්තා.

    තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ජයගත්තේ ලකුණු 148 කින්.

    Latest News