ශ්‍රී ලංකා පිලට ලකුණු 284ක ඉලක්කයක්

සැප් 04, 2021

    සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ කාසිය වාසිය දිනාගත් දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු හයකට ලකුණු 283ක් ලබාගැනීමට සමත්වුණා.

    වැසිබර කාලගුණය හේතුවෙන් තරගය පන්දුවාර 47කට සීමා වුණා. ජනේමන් මාලන් ශතකයක් වාර්තා කළ අතර එයට ලකුණු 121ක් ඇතුලත්. රීසා හැන්ඩ්රික්ස් ලකුණු 51යි.

    පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර ලකුණු 52කට කඩුලු දෙකක් සහ චාමික කරුණාරත්න ලකුණු 24ට කඩුලු 2ක් ලබාගත්තා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 284ක ඉලක්කයක් හිමිවුණා.

    Latest News