ලකුණු මැෂිම එක්දින වාර්තා පොත අලුත් කරයි

ඔක් 25, 2018

    එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ ලකුණු 10,000 සීමාව අඩු ම තරග ගණනකදී පසු කළ පිතිකරුවා බවට පත්වීමට ඉන්දීය නායක විරාට් කෝලි සමත් විය.

    ඔහු එම සීමාව පසු කළේ ඊයේ (25) බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග විශාකපට්නම්හිදී පැවති දෙවැනි එක්දින තරගයේදීය.

    මීට පෙර 2001 වසරේදී අඩු ම තරග ගණනකදී ලකුණු 10,000 සීමාව පසු කර තිබූ සචින් ටෙන්ඩුල්කාර් තරග 259 ක් ක්‍රීඩා කර තිබූ අතර කෝලි ලකුණු 10,000 පසු කළේ තරග 205කට පමණක් ක්‍රීඩා කරමිනි.

    විරාට් කෝලි මෙම ලකුණු සීමාව සම්පූර්ණ කළ ලෝකයේ 13වැනි පිතිකරුවා වන අතර 5වැනි ඉන්දීය පිතිකරුවාය.

    Latest News