චෙස් කිරුළ පතා තරුලි ස්පාඤ්ඤයට

ඔක් 25, 2018

    ලබන නොවැම්බර් මාසයේ දී ස්පාඤ්ඤයේ පැවැත්වෙන ලෝක කණිෂ්ඨ චෙස් ශූරතාවයේ වයස අවුරුදු 10න් පහළ කාණ්ඩයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සපුගස්කන්ද යොෂීඩා විද්‍යාලයේ තරුලි විහස්නා රංගනාත් දියණිය සහභාගී වීමට නියමිතය.

    ලෝක චෙස් සම්මේලනය වාර්ෂිකව සංවිධානය කරන මෙම තරගාවලිය සදහා සහභාගී වන තරුලි ,2017 වසරේ දී අවුරුදු (10 ) දහයෙන් පහළ කාන්තා සමස්ත ලංකා ශූරතාවය දිනා ගත් ඇය, පසුගිය දා තායිලන්තයේ පැවති 14 වන ආසියානු කණිෂ්ඨ චෙස් තරගාවලියේ දී , රටවල් 51 අතරින් අවුරුදු 10න් පහළ කාන්තා අංශයේ තම කංඩායම සමග රිදී හා ලෝකඩ පදක්කම් දිනා ගත්තාය.

    පාසලේ පළමු වසරේ සිට චෙස් ක්‍රීඩාවට යොමු වූ තරුලි , මේ වනවිට දෙස් විදෙස් තරග පනහකට වඩා ජය ගෙන ඇත.

    නවගමුවේ ෂෙන්ස කවිෂ්ක මහතාගේ උපදේශකත්වය යටතේ චෙස් ක්‍රීඩාව ප්‍රගුණ කරන තරුලි කියා සිටියේ ලෝක ශූරතාවයේ දී ,එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රවුඩා ,උස්බෙකිස්ථානයයේ අෂ්කූෂා කසකස්ථානයේ සෙරීන් සහ ඩෙනීෂා ප්‍රබල තරගකරුවන් ලෙස තමන්ට හමුවන බවය.

    Tharuli1 750px 18 10 25

    Latest News