ටෙස්ට් තරගාවලියේ ජය බ.ඉන්දීය කොදෙව් පිලට

පෙබ 15, 2021

    බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවති දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 17කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය.

    තරගය පැවැත්වුණේ බංග්ලාදේශයේ ඩකා නුවර ෂෙයා බංග්ලා ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 409ක් රැස් කළේය.

    බංග්ලා‍දේශ පිල සිය පළමු ඉනිම සඳහා ලබාගත් ලකුණු සංඛ්‍යාව 296ක්. අනතුරුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම දෙවැනි ඉනිම සඳහා සියලු ක්‍රීඩකයින් දැවී රැස් කළේ ලකුණු 117ක් පමණි.

    තරගය ජය ගැනීමට බංග්ලාදේශයට‍ ලකුණු 231ක ඉලක්කයක් හිමිවිය. එහෙත්, ඔවුන්ට සියලු දෙනා දැවී රැස්කර ගත හැකිවුයේ ලකුණු 213ක් පමණි. ඒ අනුව, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට තරගයේ ජය හිමිවිය. තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජය ගත්තේ තරග 2-0ක් ලෙසයි.

    Latest News