LPL අවසන් පූර්ව වටයට කණ්ඩායම් 04ක්

දෙසැ 11, 2020

    ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා කණ්ඩායම් 04ක් සුදුසුකම් ලබා තිබේ.

    ඒ දඹුල්ල වයිකින්ග්, කලම්බු කිංග්ස්, ජැෆ්නා ස්ටැලියන්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් යන කණ්ඩායම්ය.

    ඊයේ (10) පැවැති තරගයේදී කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම කඩුලු 9කින් පරාජයට පත් කරමින් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

    දළ ලකුණු ලබා ගැනීමේ වේගයට අනුව ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානය හිමිකර ගනිමින් අවසන් පූර්ව වටයේ තම ස්ථානය තහවුරු කරගත්තේය.

    Latest News