අන්තර් සමාජ 20-20 ක්‍රිකට් ශුරතාව CCC කණ්ඩායමට

ජන 21, 2020

    අන්තර් සමාජ 20-20 ක්‍රිකට් තරගාවලියේ ශුරතාව දිනා ගැනීමට CCC කණ්ඩායම සමත්විය.

    ඒ අද පැවති අවසන් තරගයේදී හලාවත මේරියන්ස් කණ්ඩායම කඩුලු 4කින් පරාජය කරමින්. අවසන් තරගය පැවැත්වුණේ කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී. පළමුවෙන් පන්දුවට පහරදුන් හලාවත මේරියන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 162ක් රැස් කළේය. ෂෙහාන් ජයසූරිය ලකුණු 80ක් රැස් කළ අතර, කමිඳු මෙන්ඩිස් ලකුණු 46යි. පිළිතුරු ලෙස CCC කණ්ඩායම තරගය ජය ගත්තේ, කඩුලු 6ක් දැවී ලකුණු 165ක් රැස් කරමින්. වනිඳු හසරංග නොදැවී ලකුණු 60යි.

    Last modified on අඟහරුවාදා, 21 ජනවාරි 2020 20:35

    Latest News