ඔස්ට්‍රේලියා-ඉන්දියා එක්දින තරගයෙන් ඉන්දියාවට ජය

ජන 18, 2020

    ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති දෙවැනි එක් දින ක්‍රිකට් තරගය ලකුණු 36කින් ජය ගැනීමට ඉන්දියාව සමත්විය.

    තරගය පැවැත්වුනේ, රාජ්කෝට්හිදී. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 340ක් රැස් කළේය. ශිකර් දවාන් ලකුණු 96ක් රැස් කළ අතර කේ.එල්. රාහුල් ලකුණු 80යි. නායක විරාත් කෝලි ලකුණු 78ක් සහ රෝහිත් ශර්මා ලකුණු 42ක් රැස් කිරීමට සමත්වූහ.

    පන්දු යැවීමේදී ඇඩම් සම්පා කඩුලු 3යි. පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දුවාර 49යි, පන්දුවක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකි වුණේ, ලකුණු 304ක් පමණි. ස්ටීවන් ස්මිත් ලකුණු 98ක් රැස් කළ අතර, මානස් ලැබුෂේන් ලකුණු 46යි. පන්දු යැවීමේදී මොහොමඩ් ශාම් කඩුලු 3ක් බිඳ හෙලීමට සමත්විය.

    Last modified on සෙනසුරාදා, 18 ජනවාරි 2020 20:35

    Latest News