අද දිනයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයින හරහා විශේෂයෙන් උතුර, උතුරු-මැද සහ දකුණු පළාත්වලත් සහ පුත්තලම, ගම්පහ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකර ප්‍රදේශ වලත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Latest News