දිළිදු ගොවි ජනතාවගේ ආර්ථිකය නඟා සිටුවීමේ අරමුණින්, අපනයන වෙළදපොළට පළතුරු වගා කිරීම සදහා පවුල් 2000ක් වෙනුවෙන් රුපියල් මිලියන 700ක මුදලක් ලබාදීමට තීරණය කර තිබේ.

දිවයිනේ විවිධ ප්‍රදේශවල වගා කරන එළවළු පලතුරු මෙන්ම සහල් ඇතුලු සෙසු ආහාර ද්‍රව්‍ය දුම්රිය මගින් ප්‍රවාහණය සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාල බලධාරින්ට ඊයේ (14) උපදෙස් දෙනු ලැබීය.

ගොවින්ගෙන් එළවළු හා පලතුරු මිලදි ගැනීමේ වැඩසටනේ දෙවන අදියර අද (15) ආරම්භ වෙයි.මෙය ක්‍රියාත්මක කෙරෙන්නේ අත්‍යාවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව සැපයීම සඳහා වූ ජනාධිපති කාර්යය සාධන බලකාය මැදිහත්වීමෙන්.

Latest News