විදුලි ගාස්තු වැඩිකිරීම සදහා කිසිදු අවසරයක් ලබා දී නැති බව, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවධාරණය කරයි. විදුලි ගාස්තු සංශෝධනය සදහා ශ්‍රී ලංකා විදුලිබල පනතේ 30 වැනි වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගත යුතු බවයි එම කොමිසම පවසන්නේ. 

කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් ගෙවීමට නොහැකි වූ හිඟ විදුලි බිල්පත් පියවීම වෙනුවෙන් සිනමා ශාලා හිමියන්ට සහන කාලසීමාවක් ලබාදිමට, විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා තීරණය කර තිබේ.

Latest News