පාස්කු දින ප්‍රහාරය සහ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි වූ ව්‍යවසායකයින්ගේ දේපළ අත්පත් කර ගැනීම වෙනුවට සහන කාලයක් ලබා දීම ගැන අවධානය යොමු කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (15) බැංකු ප්‍රධානීන්ට දැනුම් දුන්නේය.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නැවත නගා සිටුවීමට රජය ලබා දෙන මිලියන 300ක ණය සහන පැකේජයට සංචාරක ක්ෂේත්‍රයේ නිරත ව්‍යාපාරිකයන් ඇතුලත් වන පරිදි චක්‍රලේඛය සංශෝධනය කර තිබේ.

Latest News