ජාතික චිත්‍රපට සංස්ථාවේ ලියාපදිංචි සිනමා ශාලාවල පසුගිය වසරේ මාර්තු සිට දෙසැම්බර් දක්වා වන විදුලි බිල්පත්, බිල්පත් දිනයේ සිට සමාන වාරික 12කින් නිරවුල් කිරීම සඳහා අවස්ථාව සලසාදීම හා එතෙක් විදුලිය විසන්දි නොකිරීමටද තීරණය කෙරිණ.

කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් ගෙවීමට නොහැකි වූ හිඟ විදුලි බිල්පත් පියවීම වෙනුවෙන් සිනමා ශාලා හිමියන්ට සහන කාලසීමාවක් ලබාදිමට, විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා තීරණය කර තිබේ.

රටේ වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ දේශීය සිනමා කර්මාන්තය නගා සිටුවීම සඳහා ලබා දිය හැකි සහන මෙවර අය වැයෙන් ලබාදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

දිවයිනේ සියලු සිනමා ශාලා ලබන 27 වැනිදා සිට යළි විවෘත කරන බව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි.

Latest News