සිනමා ශාලාවලටත් බිල්පත් ගෙවීමට සහනක්

ජන 19, 2021

    ජාතික චිත්‍රපට සංස්ථාවේ ලියාපදිංචි සිනමා ශාලාවල පසුගිය වසරේ මාර්තු සිට දෙසැම්බර් දක්වා වන විදුලි බිල්පත්, බිල්පත් දිනයේ සිට සමාන වාරික 12කින් නිරවුල් කිරීම සඳහා අවස්ථාව සලසාදීම හා එතෙක් විදුලිය විසන්දි නොකිරීමටද තීරණය කෙරිණ.

    එමෙන්ම, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි නවාතැන්පොළවලට අදාළව පසුගිය වසරේ මාර්තු පළමු වැනිදා සිට මේ වසරේ පෙබරවාරි 28 වැනිදා දක්වා එකතු වී ඇති විදුලි බිල්පත් සහ ජල බිල්පත් සමාන වාරික 12කින් නිරවුල් කිරීම සඳහා අවස්ථාව ලබාදීම හා එතෙක් අදාළ සැපයුම් විසන්ධි නොකිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

    Latest News